විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ඊයේ (19) පස්වරුවේ පැය 05ක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
නීතිපතිවරයාගේ නියෝගකට අනුව විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලාන්තමක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළා.
මේ අතර ආන්දෝලනාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ හිටපු විනිසුරුවරියක වන පද්මිණි එම්.රණවක මහත්මියගෙන් සහ දැනට වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු ධම්මික හේමපාල මහතාගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.