News Line| Off Air
Generic placeholder image

Jan
20

මව් කිරි දීම ප්‍රවර්ධනයෙන් පළමු තැන ශ්‍රී ලංකාවට

1038 Views


මව් කිරි දීම ප්‍රවර්ධනයෙන් පළමු තැන ශ්‍රී ලංකාවට

දරුවන්ට මව්කිරි ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් සාධනීය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක වන ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඉන්දියාවේ දිල්ලි අගනුවර ක්‍රියාත්මක ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා වැඩසටහන මගින් මේ බව නිවේදනය කළ අතර එම වැඩසටහන සමග මේ වන විට රටවල් 120 ක් එකතු වී සිටිනවා.

ඒ අතුරින් රටවල් 97 ක් නියමිත ඇගයීම් සම්පූර්ණ කර වාර්තා කර ඇති අතර එම ඇගයිම් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය හිමව තිබෙනවා.

එම ඇගයීම් අනුව මව්කිරි දෙන කාන්තාවන්ට සහාය දැක්වීමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් 10 ක් මත ශ්‍රී ලංකාව ලකුණු 91/100 ක් ලබා ගෙන ඇති බව සදහන්.

එක් එක් රටවල ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ වැඩසටහන් දර්ශක සඳහා අගයන් එක් කිරීම වර්ණ කේත මත ක්‍රියාත්මක වන අතර කාර්ය සාධනයේ නැගී එන අනුපිළිවෙළකට වර්ණ කේත රතු, කහ, නිල් සහ කොළ ලෙස නම් කර තිබෙනවා.

ලකුණු 91/100 ක් ලබා ගත් ශ්‍රී ලංකාව හරිත වර්ණ කේතයක් උපයා ඇති අතර එයින් ඇඟවෙන්නේ හොඳම මට්ටමේ කාර්ය සාධනයක් බවයි.

මව්වරුන්ගේ සහ ළදරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය සඳහා ශ්‍රී ලංකාව ඉහළ කැපකිරීමක් සිදුකරන බැවින් මෙම ජයග්‍රහණය පුදුමයක් නොවන බවද ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා වැඩසටහන පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post