News Line| Off Air
Generic placeholder image

Jan
20

මහරගම කසළ ගැටලුවක්

633 Views


මහරගම කසළ ගැටලුවක්

මහරගම, විජේරාම, ගල්හේන යන මාර්ග කිහිපයක කසළ එක්රැස් කිරීමේ කටයුතු දින කිහිපයක සිට සිදු වී නොමැති බව වාර්තා වනවා.

මෙම ප‍්‍රදේශ වල කසල එක්රැස් කිරීමේ කටයුතු මහරගම නගරසභාව විසින් සිදුකරන අතර පසුගිය දිනයන් තුළ එය සිදු නොවීම හේතුවෙන් මිනිසුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ පිලිබද මහරගම නගරසභාවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ කසළ එක්රැස් කරන වාහනය කැඩී ඇති බැවින් එම දිනයන් තුළ කසළ එක්රැස් කිරීමට නොහැකි වූ බවයි.

දින කිහිපයක සිට එකතු වී ඇති කසළ හේතුවෙන් මිනිසුන් පත්ව සිටින අපහසුතාවය පිලිබද බලධාරින්ගේ අවධානය යොමු කරන මෙන් එම ප‍්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post