News Line| Off Air
Generic placeholder image

Jan
21

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට

1155 Views


උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ඒ පිළිබදව අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව පැවසුවා.

“ අද දින පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට උඩරට විවාහ නිතීය අහෝසි කිරීමේ කෙටුම්පත අද දිනයේ ඉදිරිපත් කරනවා.

එක රටක් එක නීතියක් යටතේ විශේෂයෙන්ම මුස්ලිම්වරුන්ට පමණක් විශේෂිත අධිකරණ ක්‍රමය ප්‍රතික්ෂේප කළා සේම උඩරට විවාහ විවාහ නිතීයත් අහෝසි කිරීම අත්‍යාවශ්‍යයි.

රටක් ලෙස දියුණු වෙලා ඉස්සරාහට යනකොට එක රටක් එක නිතීයක් අවශ්‍යයයි ඒ අනුව මුස්ලිම් නිතීය පමණක් නෙමෙයි උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා“


News Articles
Latest Videos
Most Popular Post