News Line| Off Air
Generic placeholder image

Jan
21

ඉස්ලාම් ආගමට අපහාස කළ 03කට ඩුබායි අධිකරණයෙන් දඩ

684 Views


ඉස්ලාම් ආගමට අපහාස කළ 03කට ඩුබායි අධිකරණයෙන් දඩ

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව එක් පුද්ගලයෙකුට ඩිරාම් ලක්ෂ පහ බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කර ඇති අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න බව වාර්තා වෙනවා.

ඩුබායි තරු පංතියේ නිවාඩු නිකේතනයක ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ගලයින් තිදෙනෙකුට මෙම දඩ මුදල නියම වී ඇති අතර එම දඩ මුදල ගෙවීමෙන් අනතුරුව ඔවුන් එරටින් පිටුවහල් කිරීමට නියෝග කර ඇති බව සඳහන් වෙනවා.

ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයෙන් වාර්තා පල කිරීම පිළිබඳව අදාල පුද්ගලයින් තිදෙනාට එරෙහිව ඔවුන් සේවය කළ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඒ අනුව ඩුබායි අල් බර්ෂා පොලීසිය විසින් පසුගිය වසරේ මැයි මස 19 වන දින ඔවුන්ට එරෙහිව ඩුබායි අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. එල්ල වී ඇති චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවන් තම සමාජ මාධ්‍යවල නුසුදුසු පණිවිඩ සහ ඡායාරූප පළ කළ බවට පාපොච්ඡාරණය කර තිබෙනවා. මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් මෙතෙක් අභියාචනා ඉදිරිපත් වී නොමැති බවයි ඩුබායි මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post