News Line| Off Air
Generic placeholder image

Jan
23

පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවිම්

1099 Views


පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවිම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවිම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත අදාල ස්ථාන මාරුවිම් ලබාදී ඇති බවයි.

ඒ අනුව නුගේගොඩ කොට්ඨාසය භාරව සිටි පොලිස් අධිකාරි ආර්.එම්.පී රත්නායක මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරුකර තිබෙනවා.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 12 දෙනෙකුට සහ පොලිස් පරික්ෂකවරුන් 13 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ලබන පෙබරවාරි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දී තිබෙනවා.



News Articles
Latest Videos
Most Popular Post