News Line| Off Air
Generic placeholder image

Jan
23

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි

609 Views


ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අද (23) යි.

ඊයේ (22) දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කර ගෙන සිටියා.

ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 295ක් රැස් කර ගෙන සිටියා. ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වු අතර එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වුණේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම වසර 5කට පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ද්විත්ව ශතකයක් වාර්ථා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වන්නට ඇන්ජලෝ මැතිව්ස්ට ඊයේ හැකිවු අතර අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළේ 2015 වසරේදී කුමාර් සංගක්කාර විසින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 515ක් රැස් කර ගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේට ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post