පසුගියදා චීනයෙන් වාර්තා වුණු මාරාන්තික නව කොරෝනා වෛරසයට හේතුව චීනයේ ක්‍රයිට් සහ චීන නාගන් යන විශේෂයක් බව හදුනාගෙන තිබෙනවා.
මෙම නාග විශේෂය දරුණු විෂ සහිත සර්ප විශේෂයක් බවත් රෝගයට ගොදුරුවූ රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් හරහා චීනයේ විද්‍යාඥයින් විසින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී මෙම සොයා ගැනීම සිදු කර තිබෙනවා.
චීන ජාතිකයින් බහුල වශයෙන් සර්පයින් සිය ආහාරයට එක් කර ගැනීමට රුචිකත්වයක් දක්වනු ලබන හෙයින් රෝගීන් මෙම වෛරසයට ගොදුරු වී ඇති බව සදහන් වෙනවා. කෙසේ වෙතත් මෙම වෛරසයට ප්‍රතිකාර වශයෙන් කිසිදු ප්‍රතිශක්තිකරණ එන්නතක් මේ වෙන තෙක් සොයා ගැනීමට සෞඛ්‍ය විශේෂඥයින්ට හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වෙනවා.