සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ එම පියවර ගත් බව පොලිස් මුලස්ථානය නිවේදනය කළ අතර ඒ යටතේ යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.කඩුවපිටිය බස්නාහිර දකුණු දිසාවට මාරු කර තිබෙනවා.
බස්නාහිර දකුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම් සේනාරත්න මහතා යාපනය දිසාවට මාරු කළ බව එම නිවේදනයේ සදහන්.
ස්ථාන මාරුවීම් ලැබු සෙසු නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු ද වනවා.