News Line| Off Air
Generic placeholder image

Jan
24

මාරාන්තික කොරෝනා වෛරසය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි අවධානයෙන්

898 Views


මාරාන්තික කොරෝනා වෛරසය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි අවධානයෙන්

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇති වන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වුවහොත් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙනවා.

මේ අතර චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ වුහෑන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති වුහෑන් නගරයේ පිහිටි විශ්වවිද්‍යාලයක ශ්‍රී ලාංකික සිසුන් 30කට ආසන්න පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post