අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා.
ඒ අතරින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම්හි සුපිරි 20 දෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයක්.
ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් එහි 16 වන ස්ථානය දක්වා ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර 2014 වසරේ දී කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්හි 3 වන ස්ථානය ද හිමි කර ගෙන ඇති අතර, ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම දක්ෂතාව එයයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමග නිමාවට පත් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.
නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව මැතිව්ස්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 669 ක්.
එමෙන්ම කුසල් මෙන්ඩිස් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 30 වන ස්ථානයේ සිට 26 වන ස්ථානය දක්වාත්, ධනංජය ද සිල්වා 39 වන ස්ථානයේ සිට 37 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.
දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටින්නේ 11 වන ස්ථානයේයි.
නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ සුරංග ලක්මාල් 22 වන ස්ථානය දක්වාත්, ළහිරු කුමාර 32 වන ස්ථානයේ සිට 30 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්.