News Line| Off Air
Generic placeholder image

Jan
25

ඩොලර් බිලියනයක ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කරන්න සූදානම් බව කෙහෙළිය කියයි

627 Views


ඩොලර් බිලියනයක ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කරන්න සූදානම් බව කෙහෙළිය කියයි

ඩොලර් බිලියනයක ආයෝජයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවර පැවැති සංවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවත් තනි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් ද මේ වන විට ගොඩනැගී ඇති බවත් ඒ මහතා කියා සිටියා.

එබැවින් මේ වන විට විශාල වශයෙන් ආයෝජකයින් මෙරටට පැමිණෙමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post