News Line| Off Air
Generic placeholder image

Jan
25

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

809 Views


කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කොළඹ අයි ඩී එච් රෝහලට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා සඳහන් කළේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් සහ මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post