News Line| Off Air
Generic placeholder image

Jan
27

අමෙරිකාවේ කොරෝනා අසාදිතයින් ප්‍රමාණය 5ක් දක්වා ඉහළට

683 Views


අමෙරිකාවේ කොරෝනා අසාදිතයින් ප්‍රමාණය  5ක් දක්වා ඉහළට

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ව්‍යප්ත වී තිබෙනවා. ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව ,තායිවානය,තායිලන්තය , අමෙරිකාව ,වියට්නාමය , කැනඩාව යන රටවල් ඒ අතර ඇති අතර මේ වන විට එම වෛරසය ආසාදනය වීමෙන් 56 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ වන විට අමෙරිකාවෙන් මෙම වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගෙන් තිබෙන අතර බලධාරින් පවසන්නේ ඔවුන් සියලු දෙනා චීනයේ වූහන් නගරයේ සංචාරයක නිරතව පැමිණි අය වන බවයි.

චීනය තුල කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. බලධාරීන් සදහන් කරන්නේ මෙම වෛරසය
ආසාදිත පුද්ගලයෙකු තුළින් රෝග ලක්ෂණ මතුවීමට පෙර එම ආසාදිතයාගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි බවයි. මේ හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම අතිශය දුෂ්කර වී ඇති බව ද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post