නානුඔය – ෆාමස්ටන් ප්‍රදේශයේ දැව වෙළඳ සැලක ඇති වු ගින්නකින් එම දැව වෙළඳ සැල හා එහි බිම්මහලේ වු ඔවුන්ගේ නිවස, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් හා ලොරි රථයක් ගිනිගෙන විනාශ වු බව ලිඳුල පොලීසිය පවසනවා.
ඊයේ (26) රාත්‍රී 10.00 පමණ දැව වෙළඳ සැල තුළින් මතුවු ගින්න ඔවුන්ගේ නිවස පිහිටි බිම් මහලටත්, ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළඳ සැලට හා ඉදිරියෙන් නවතා තිබු ලොරි රථය වෙතත් සිඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව ගින්න පාලනය කිරිමට ප්‍රබල උත්සහයක් ගෙන තිබෙනවා.
නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණිය ද ගින්න පාලනය කිරිමට උත්සහ කලත් ව්‍යයර්ථ වී තිබෙනවා.
දැව වෙළඳසැල හා එහි වු යත්‍රෝපකරණ, ඔවුන්ගේ නිවස එහි භාණ්ඩ හා උපකරණ, ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සැලේ භාණ්ඩ හා ලොරි රථයත් මුළු මනින්ම විනාශ වී තිබෙනවා.
දැවී විනාශ වු සියලු ස්ථාන එකම පුද්ගලයට අයත් දේපල බව පොලීසිය පවසනවා.
පසුව තලවාකැලේ හා නුවරඑළිය යුද හමුදා කඳවුරුවල සෙබලුන්ගේ, සහයෝගයෙන් ජල බවුසර් කීපයක් රැගෙන එමෙන් අනතුරුව පැය තුනහාමාරකට පමණ කාලයක් මහත් වෙහෙසක් දරමින් ප්‍රදේශවාසින්, පොලීසිය, යුද හමුදාව හා නුවරඑළිය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දමා තිබෙනවා.