News Line| Off Air
Generic placeholder image

Jan
27

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය ගණන 80ක් දක්වා ඉහළට

752 Views


කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය ගණන 80ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර චීනයේ වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.

චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට සොයාගත් නව කොරෝනා වෛරසය මේ වන විට එරට නගර රැසක් ආක්‍රමණය කර ඇති අතර ලොව රටවල් රැසකට ද ව්‍යාප්ත වී තිබෙනවා. මෙලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇත්තේ ප්‍රංශය, ජපානය, මලයාසියාව, නේපාලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය, අමෙරිකාව, වියට්නාමය, කැනඩාව යන රටවල් මෙන්ම හොං කොං දේශය වැනි රටවල්වලයි.

ෂින්හුවා පුවත් ඒජන්සිය පවසන්නේ වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් අසූවක් මියගොස් ඇති බවත් මියගිය අය අතර වුහාන්හි හුබෙයි පළාතේ 76 දෙනෙකු වන අතර අනෙක් සිව්දෙනා වෙනත් ප්‍රදේශවලින් වාර්තා වේ.

විදෙස් වාර්තා පවසන්නේ පුද්ගලයන් 5700කට වැඩි පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුවී සිටින බවත් ඉන් 2744 දෙනෙකු වෛරසය ආසාදිතයන් බවට චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ නිවේදනය කළේ, ඔවුන්ගෙන් 460කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post