News Line| Off Air
Generic placeholder image

Jan
27

රියදුරු බලපත්‍රයට දින වෙන් කර ගැනීමට අද සිට නව ක්‍රමවේදයක්

663 Views


රියදුරු බලපත්‍රයට දින වෙන් කර ගැනීමට අද සිට නව ක්‍රමවේදයක්

අද සිට රියදුරු බලපත්‍රය සඳහා වන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව දිනය හා වේලාව, ඔන්ලයින් ක්‍රමයට වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

පෙර පැවති ක්‍රමයට අනුව දුර බැහැර සිට මහජනතාවට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ දිනය හා වේලාව වෙන් කරවා ගැනීමට සිදුවිය. එමෙන්ම ඉදිරියේදී ජංගම දුරකතන සඳහා ද මොබයිල් ඇප් යෙදවුමක් ඉදිරි සති දෙක තුළ හඳුන්වා දෙන බව ද වැඩිදුරටත් එම අමාත්‍යංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post