News Line| Off Air
Generic placeholder image

Jan
27

කොරෝනා නිසා දවස් 06 න් චීනය ඉදිකරන රෝහලේ විස්තරය

1067 Views


කොරෝනා නිසා දවස් 06 න් චීනය ඉදිකරන රෝහලේ විස්තරය

කොරෝනා වෛරසය වැළදී ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා දින 06 කින් චීනයේ වුහාන් නගරයේ රෝහලක් ඉදිකිරීමට චීනය විසින් පියවර ගෙන තිබෙනවා.

දැනට මෙම කොරෝනා වෛරසය හේතුවෙන් 80 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2744 කට වැඩි පිරිසකට වෛරසය ආසාධනය වී ඇති බව සදහන්. ඉන් 324 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා පවසනවා.

මිලියන 11 ක් පමණ ජීවත් වන වුහාන් නගරයේ මෙම වෛරසය හේතුවෙන් මිනිසුන්ට රෝහල් වල ඉඩ පහසුකම් නොමැති වී තිබෙනවා.

මේ හේතුවෙන් කොරෝනා වෛරසය වැළදෙන රෝගීන් වෙනුවෙන් දින 06 කින් නව රෝහලක් ඉදිකිරීමට වර්ග අඩි 26,9000 ක භූමියක මේ වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම චීන ඉදිකිරීම් කණ්ඩායම් වලට මෙවැනි වේගවත් ව්‍යාපෘති සිදුකිරීම ඉතා පහසු කාර්යයක් බව ගෝලිය සෞඛ්‍ය කවුන්සිලයේ සාමාජිකයෙකු පවසනවා.

2003 වසරේ ද බීජිං හි මෙවැනිම රෝහලක් දින 07 ක් ඇතුලත ඉදිකර ඇති අතර මේ අවස්ථාවේදී එම වාර්තාව බිදහෙලීම ඉදිකිරීම් කණ්ඩායම් වල බලාපොරොත්තුව බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post