News Line| Off Air
Generic placeholder image

Jan
27

කොරෝනා රෝග ලක්ෂණ ඇති ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපලේ ගිලන් රථ සූදානමින්

852 Views


කොරෝනා රෝග ලක්ෂණ ඇති ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපලේ ගිලන් රථ සූදානමින්

කොරෝනා වෛරසය සහිත රෝග ලක්ෂණ ඇති බවට සැකකෙරෙන ගුවන් මගීන් අයි.ඩී.එච්. උණ රෝහල වෙත කඩිනමින් යැවීම සඳහා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ ගිලන් රථ සූදානම් කර ඇති බව එහි කාර්යභාර නිලධාරිවරයා සදහන් කළා.

මෙරටට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරින්, ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් කටයුතු කරමින් සිටිනවා.

ඒ යටතේ චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ කවුළුවක් ද විවෘත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post