පුද්ගලයන් 83 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඝස්නි ප්‍රාන්තයේ දී හදිසියේ කඩා වැටී තිබෙනවා.
මෙම ගුවන් යානය ඒරියානා ගුවන් සේවයට අයත් වන අතර එම ගුවන් යානය ගිනි ගැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.
ඇෆ්ගනිස්ථානයේ හෙරාට් සිට කාබුල් අගනුවර දක්වා ගමන් ගනිමින් සිටින විට ගුවන් යානය මෙලෙස අනතුරට ලක්වූ බව සඳහන්.
එය කඩා වැටී ඇත්තේ තලෙයිබාන් පාලනය සහිත ප්‍රදේශයකටයි.
ගුවන් යානයේ ගමන් ගත් පිරිසට කුමක් සිදුවූවාද පිළිබදව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා සදහන් කළා.