චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි උණ රෝගයෙන් පෙළුනු චීන ජාතික කාන්තාවක් අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී සිදුකළ පරීක්‍ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.
වයස අවුරුදු 43 ක් වන මෙම කාන්තාව දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් ඇය සංචාරය කළ ප‍්‍රදේශ සහ ඇය සමග සිටි පුද්ගලයින් පිලිබදවද මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කරමින් සිටින බවත් වාර්තා වනවා.