News Line| Off Air
Generic placeholder image

Jan
28

මුඛ ආවරණ ඉල්ලුම ඉහළට

1360 Views


මුඛ ආවරණ ඉල්ලුම ඉහළට

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවි වීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ අනුව කඩිනමින් ආනයනය කිරීමටත් අයෙකුට මුඛ ආවරණ පහක් පමණ ලබා දෙමින් සීමාවක් කරන ලෙසත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසුසල් හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම රෝග තත්ත්වය මෙරටද ව්‍යාප්ත වීමක් වුවහොත් යන බියෙන් ඔසුහල් වල ඇති මුඛ ආවරණ ජනතා වැඩි වශයෙන් රැගෙන යන බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙවන් පියවරක් ගැනීමට හේතුවී ඇති බව දුරකථනයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවා.

මෙම රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමට ඇති සාර්ථකම ක්‍රියා මාර්ගය මුඛ ආවරණ පැළඳීම බැවින් ඒවා පෙට්ටි වශයෙන් රැගෙන යන තත්ත්වයක් පවතින බව කළ සොයා බැලීමේදී අනාවරණය වූ අතර මේ වනවිට වෙළඳ පොළේ විශාල වශයෙන් මුඛ ආවරණ නොමැති බැවින් ඒවා අපනයනය කිරීමකින් තොරව වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසට මෙරට මුඛ ආවරණ නිශ්පාදනය කරනු ලබන ආයතන කිහිපය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවා.

මේ අතර කඩිනමින් මුඛ ආවරණ ආනයනය කිරීම පිණිස ඉල්ලා සිටින ව්‍යාපාරිකයින්ට ඒ සඳහා කඩිනමින් ලියා පදිංචිය ලබා දෙන බවද පැවසූ ප්‍රධාන විධායක නිලධාරීවරයා එම ආවරණ වැඩි මිලට අලෙවි කිරීමෙන් වැළකිය යුතු බවද පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post