කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබෙනවා.
මෙම රෝහල ඇඳන් 1000කින් සමන්විත වෙයි. මෙම රෝහල දින 9කින් අවසන් කිරිමට චීනය සැලසුම් කර තිබේ. රෝහලේ ඉදිකිරීම් අවසන් කිරිමෙන් අනතුරුව දිනක් තුළ වෛද්‍ය උපකරණ සවිකර රජයට භාරදීමට නියමිතව තිබෙන අතර මේ වනවිට වූහාන් නගරයේ දෙවැනි කොරෝනා වෛරස් රෝහලේ ඉදිකිරීම්ද මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ඇඳන් 1500කින් සමන්විත වන අතර එහි ඉදිකිරිම් දින 15 කින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.