චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මුල් වරට ආරම්භ වූ නගරය බවට පැවැසෙන චීනයේ වූහාන් නගරයේ සුපිරි වෙළඳසැල් වල ආහාර තොග වශයෙන් පිරි පවතින බව විදෙස් වාර්තා වූ උපුටා දක්වනවා.
එම ආහාර මිලදී ගැනීමටද වෙළඳසැල් තුළට වැඩි වශයෙන් ජනතාව පැමිණ ආහාර මිලදී ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි සදහන් වන්නේ.
ඒ අනුව වෛරසය පැතිරීම වැළැක්වීමත් සමගින් වූහාන් ජනතාව ක්‍රමයෙන් සිය දෛනික කටයුතු ආරම්භ කර තිබෙනවා.