News Line| Off Air
Generic placeholder image

Jan
28

කොරෝනා පාලනය කරගත නොහැකිවුවොත් කතෝලික පාසල් සියල්ල වසන බව කාදිනල් හිමි කියයි

1877 Views


කොරෝනා පාලනය කරගත නොහැකිවුවොත් කතෝලික පාසල් සියල්ල වසන බව කාදිනල් හිමි කියයි

කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය භාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණ වලට ද එකඟව කටයුතු කරන බව කාදිනල් හිමියන් එහිදී ප්‍රකාශ කළා.

බොරැල්ල අගරදගුරු මැදුරේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමි මේ බව සදහන් කළ අතර මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයට ස්තූතිය පළ කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post