මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ලබන පෙබරවාරී 18 සහ 19 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.
මෙම වාර්තාව විවාදයට ගන්නා ලෙස එම කාරක සභා රැස්වීමේදී විපක්ෂය කළ ඉල්ලීමට අනුව ආණ්ඩු පක්ෂය දින දෙකක් ඒ සදහා ලබා දීමට එකගත්වය පළ කර ඇති බව සදහන්.
මෙම විවාදයට පෙර එම වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියත් එය දුෂ්කර කාර්යයක් බව කථානායක කරු ජයසූරිය මහතා පැවසුවා.
ඒ අනුව දැනට සී.ඩී තැටියක ලබා දී ඇති එම වාර්තාවේ පිටපත් ඡායා පිටපත් කර මන්ත්‍රීවරුන් වෙත ලබන පෙබරවාරි මුල් සතියේ ලබා දෙන ලෙසද මෙහිදී මන්ත්‍රීවරු ඉල්ලා තිබෙනවා.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සභානායක හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර ,මහින්ද සමරසිංහ ,විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන්ද විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.ඒ සුමන්තිරන් සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන්ද සහභාගී වී තිබෙනවා.