චීනයෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.
එය අවම වශයෙන් මාස කිහිපයක් හෝ ලොව පුරා සංසරණය වෙමින් පවතිනු ඇති බව කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන් පවසනවා.
එසේම වෛරසයේ අවදානම ඉදිරි සතියේ හෝ මාසයේදී අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව කොරෝනා වෛරසය පිළිබද මාර්ගගත පුවරුවක් පවත්වාගෙන යන නෝර්ත්ඊස්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙසෙන්ඩ්‍රෝ වෙස්පිගානි ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය මා – චුන්ග් – වූ ප්‍රකාශ කළේ කෙටි කළක් තුළ රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකිවනු ඇති බවයි.
මේ වනවිට චීනයේ මරණ 106 ක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 4500 කට අධිකයි.
එමෙන්ම මහාචාර්ය වෙස්පිගානි පෙන්වා දෙන පරිදි චීනයේ පමණක් කොරෝනා වෛරස ආසාදිත සංඛ්‍යාව 25,000 ඉක්මවනු ඇති.
එහෙත් එම සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබිය හැකි බවහොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සදහන් කළා.