කැරිබියානු කලාපයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. ඒ මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබලතාවයක් සටහන්කරමින්. මේ තුලින් ජැමෙයිකාවට සහ අමෙරිකාවේ ප්‍රාන්ත කිහපයකට බලපෑම් එල්ලවී තිබෙන අතර පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන හට ගෙන ඇති බවයි විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණද පසුව ඉවත් කරගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ නමුත් භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නෑ