News Line| Off Air
Generic placeholder image

Jan
29

කුල දරුවන් සියයක් සසුන් ගත කරයි (photo)

695 Views


කුල දරුවන් සියයක් සසුන් ගත කරයි (photo)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද (29) පැවැත්වුණා.

රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මාහිමියන් අපවත්වී එදිනට වසර 134ක් සපිරෙන අතර එම අවස්ථාව නිමිතිකොටගෙන ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් සියදෙනෙකු සසුන්ගත කිරිමේ වැඩසටහනක් අද උදෑසන සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දි සංවිධානය කර තිබුණේ එම නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන්.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්ම කුසල නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් ප්‍රධාන දිවයින පුරා මහ සඟරුවන දහසකට අධික නමක් එම අවස්ථාව නියෝජනය කළා.


News Articles
Latest Videos
Most Popular Post