News Line| Off Air
Generic placeholder image

Jan
29

රන්ජන් අධිකරණය හමුවට

644 Views


රන්ජන් අධිකරණය හමුවට

අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද(29) ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය පළොස්වෙනිදා සිට අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ තෝල්ක නිලධාරියෙක් ඇතුළු විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට ප්‍රසිද්ධියට පත්විමත් සමග ඒ මහතා අත්අඩංගුවට ගැනුණා.

ඒ අනුව මේවන විට අදාල නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා.


News Articles
Latest Videos
Most Popular Post