News Line| Off Air
Generic placeholder image

Jan
29

සිම්බාබ්වේ පන්දු යැවීම හමුවේ ශී‍්‍ර ලංකාව අසරණ වෙයි – රාසාට කඩළු 07 ක්

749 Views


සිම්බාබ්වේ පන්දු යැවීම හමුවේ ශී‍්‍ර ලංකාව අසරණ වෙයි – රාසාට කඩළු 07 ක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (28) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු සියල්ලම දැවි ලකුණු 406 ක් රැස් කළා.

අද දිනයට තරගය ආරම්භ කර මේ මොහොත වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියලුම කී‍්‍රඩකයන් ලකුණු 293 කට දැවී ගියා.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 113 ක් පිටුපසින් සිටිනවා.

තව සුළු මොහොතකින් සිම්බාබ්වේ දෙවන ඉනිම ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේදී ශී‍්‍ර ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 64 ක්.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශිකන්ධර් රාසා ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුළු 07 ක් බිද හෙලීමට සමත්කම් දැක්වූවා. ඒ ඔහුගේ ටෙස්ට් පන්දු යැවීමේ දිවියේ හොදම පන්දු යැවීමයි.


News Articles
Latest Videos
Most Popular Post