කොළඹ ඇතුල්වන වාහන ගාල් කිරීමේදී කළයුතු ගෙවීම් දිගින් දිගටම පැහැර හරින වාහන හිමියන් සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව සදහන් කරනවා.
ඒ අනුව ඒම ගෙවීම් පැහැර හරින වාහන සදහා රෝද අගුල් දැමීමට ද කොළඹ මහ නගර සභාව ඉකුත් දිනවලදී පියවර ගත් බවත් එලෙස දිගින් දිගටම නීති කඩන වාහන වලට සවිකර ඇති විද්‍යුත් යන්ත්‍රවලින් එම වාහන හදුනාගෙන ඒවායේ හිමිකරුවන්ට ඔවුන්ගේ නිවෙස් වෙත දඩ පත්‍රිකා සහ ගෙවීම් නිරවුල් කරන ලෙස දැන්වීම් තැපෑලෙන් යොමු කිරීමට ක්‍රියා කරන බවයි පැවසෙන්නේ.