නව කොරෝනා වසංගතය නිසා චීනයේ වූහාන් නගරයෙහි දැනට කොටු වී සිටින ශ්‍රී ලංකික සිසුන් පිරිසක් රැගත් යානා තුනකින් ශ්‍රී ලාංකික සිසුන් 110 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ බව වාර්තා වෙනවා.
ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබු අතර යම් හෙයකින් ඔවුන්ට වෛරස් රෝගී ලක්ෂණ පහළ වුවහොත් වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ඔවුන්ට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය උපදෙස් ලබා දී තිබෙනවා.