News Line| Off Air
Generic placeholder image

Jan
30

වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට

644 Views


වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබෙනවා.

මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොතිබූ අතර, එම තොරතුරු සහිතව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් දුන් අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා වෙත ලිඛිතව දන්වනු ලැබුවා.

අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පුර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අතර මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 18 හා 19 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post