News Line| Off Air
Generic placeholder image

Jan
30

කොරෝනා වෛරසය ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කරයි

910 Views


කොරෝනා වෛරසය ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කරයි

කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා.

පසුගිය 26 වනදා සිට මගීන් 4028 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයින් බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.

ඔවුන්ට වෙනම පිටවීමේ ප්‍රදේශයක් වෙන් කර ඇති අතර ස්කෑනර් යන්ත්‍ර දෙකක් යොදවා එම චීන ජාතිකයින්ට වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම කරන බව ද සභාපතිවරයා පැවසුවා.

පසුගිය දින කිහිපය තුළ එලෙස සැක කටයුතු රෝගීන් 4 දෙනෙකු හමුවූ නමුත් ඔවුන්ට ද වෛරසය වැළදී නොමැති බවට පසුව තහවුරු වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post