News Line| Off Air
Generic placeholder image

Jan
30

සංචාරකයින් 7000ක් රැගත් මගී නෞකාවකට කොරෝනා ඇතුල්වී ඇති බවට සැකයක්

2337 Views


සංචාරකයින් 7000ක් රැගත් මගී නෞකාවකට කොරෝනා ඇතුල්වී ඇති බවට සැකයක්

විශාලත්වයෙන් ලොව පස් වෙනි ස්ථානයේ පසුවන සුඛෝපභෝගී මගී නෞකාවට කොරෝනා වෛරසය ඇතුල්වී ඇති බවට සැක පළවී තිබෙනවා.

මේ හේතුවෙන් එහි සිටින මගින් 7000ක් දැඩි අවධානමකට ලක්ව ඇති බව වාර්තා වුණා.

ඉතාලී සමාගමකට අයත් සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින චීන ජාතික යුවලක් කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැක මතුවී ඇති අතර දැඩි උණ රෝගයෙන් පෙලෙන මෙම චීන ජාතික යුවල හොංකොං සිට පැමිණ ඇති බව සදහන්.

ඔවුන් නෞකාවේ සංචාරය සඳහා එක්ව ඇත්තේ ඉකුත් ජනවාරි මස 25 වෙනිදා බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Costa Smeralda නම් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මේ වන විට රෝමයේ Civitavecchia ආසන්න වෙරළ තිරයේ නැංගුරම්ලා තිබෙනවා.

දැඩි ලෙස උණ රෝගයෙන් පෙළෙන මෙම චීන ජාතික යුවල ගේ රුධිර පරික්ෂණයක් රෝමයේ Spallanzani රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩයමක් විසින් නෞකාවෙදීම සිදුකර ඇති අතර මේ වන විට ඔවුන් නෞකාවේම පිහිටි වෛද්‍ය ඒකකයේ ආරක්ෂා සහිතව රඳවා ගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම චීන ජාතික යුවලගේ රෝග ලක්ෂණ කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණයන්ට බෙහෙවින් සමාන කමක් දක්වන බව සදහන්.

මේ හේතුවෙන් නෞකාවේ සිටින සියලුම සංචාරකයින්ට සහ කාර්ය මණ්ඩලයට ඉන් පිටතට නොයන ලෙස රෝම බලධාරීන් නියෝග කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post