චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීන රජය යුහුසුළුවෙමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.
හුබේ විදෙස් අමාත්‍යංශ කාර්යාලය සහ වුහාන් නගර බලධාරීන්ගෙන් ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසා බලන බව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළා.