සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබෙනවා.
මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දීර්ඝ කරන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ද මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.