මෙරට සිටින චීන තානාපතිවරයා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා.
චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බව ට්විටර් පණිවිඩයක් තබමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
නව කොරෝනා වෛරසය පාලනයට චීන රජය හැකි සෑම උත්සාහයක්ම දරන බව තානාපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ආසන්නම අවස්ථාවේදී අදාළ ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට රටවල් දෙකම කටයුතු කෙරෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලා.