චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඊයේ(30) රාත්‍රීයේ සහ අද(31) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම සිසුන් පිරිස පැමිණි බව සදහන්.
ඊයේ රාත්‍රී 9.00ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 ක් ද, අද අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් වූ ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් 06 දෙනෙකු ද, ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරණ ගුවන් යානයෙන් 09 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
පසුව මොවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර තිබෙනවා.
මෙම කොරෝනා වෛරස රෝගී තත්ත්වය ඇති වීමට පෙර තත්වයට සාපේක්ෂව චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානාවල සිටින ගුවන් මගීන් සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමක පවතිනවා.