ඉන්දියාවෙන් හා චීනයෙන් මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා.
මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගත් බව සදහන්.
එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් කර තිබියදි ඊයේ පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන ඇති අතර මෙම මුඛ ආවරණ ඉන්දියාවේ සිට රැගෙන ආ පුද්ගලයින්ට බලපත්‍රද නොමැති බව එහි නිලධාරින් සඳහන් කළා.