News Line| Off Air
Generic placeholder image

Jan
31

වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි

891 Views


වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි

චීනයේ – වූහාන් නගරයේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය අද දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත් වුණා.

හෙට දිනයේදී මෙම යානය අදාළ සිසුන් රැගෙන යළි මෙරටට ළගා වීමට නියමිත බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළා.

ඉන් අනතුරුව, එම සිසුන් නිරෝධායන කටයුතු සඳහා දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතයි.

මේ අතර කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට සම්පූර්ණ කිරීම සඳහා අද සිට විශේෂ පෝරමයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

මෙතෙක් කල් එම පෝරමය චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post