News Line| Off Air
Generic placeholder image

Feb
3

මෙවර නිදහස් දින සැමරුමේ සුවිශේෂිතා කිහිපයක්

1248 Views


මෙවර නිදහස් දින සැමරුමේ සුවිශේෂිතා කිහිපයක්

72 වන නිදහස් සැමරුම හෙට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ඉතා චාම් අයුරින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මතයි.

මෙම නිදහස් උත්සවයේ හමුදා පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබෙන අතර පෙළපාලියට එක් කෙරෙන යුද වාහන ප‍්‍රමාණය සීමා කිරීමට ලක් කර තිබෙනවා. උත්තමාචාර පෙළපාලිය බොහෝ විට පැය 3කට අධික කාලයක් තිබුනද මෙවර එය පැය 02කට හෝ ඊට අඩු කාලයකට සීමා කර තිබෙනවා. එමෙන්ම ජනපති හා පෙර ගමන් රථ සමග එන අශ්වාරෝහකයින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

තව දුරටත් පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් පිනුම් ද මෙවර සිදු නොකරන අතර එමෙන්ම මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේදී සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කරන බව රජය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post