News Line| Off Air
Generic placeholder image

Feb
3

ආහාර නිපදවන ප්‍රධාන පෙළේ ආයතනයකින් කල් ඉකුත් වු කේක් අමුද්‍රව්‍ය තොගයක් හමුවෙයි

808 Views


ආහාර නිපදවන ප්‍රධාන පෙළේ ආයතනයකින්  කල් ඉකුත් වු කේක් අමුද්‍රව්‍ය තොගයක් හමුවෙයි

කල් ඉකුත් වු බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර කිලෝග්‍රෑම් 17,500ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින් සොයාගෙන තිබෙනවා. නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ ආයතනයකට අයත් ආහාර ද්‍රව්‍ය තොගයක් බව වාර්තා වෙනවා.

කස්ටඩ් පවුඩර්, පාන් සෑදිමට භාවිත කරන වෝල් කෝනර්, කේක් සැරසිලි අමුද්‍රව්‍ය, වැනිලා සහ ඇපල් බීම වර්ග කල් ඉකුත් ආහාර ද්‍රව්‍යවලින් කිහිපයක් වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේදී කල් ඉකුත් වු නිෂ්පාදනවල ලේබල් ඉවත් කර නව ලේබල් අලවමින් සිටි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post