News Line| Off Air
Generic placeholder image

Feb
3

සෝමාලියාවටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

1751 Views


සෝමාලියාවටත්  හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

පළඟැටි වසංගතයක් හේතුවෙන් සෝමාලියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට සෝමාලියාව පියවර ගත්තා. මෙම කෘමීන් විශාල වශයෙන් වගාවන්ට හා වෘක්ෂලතාදියට හානි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට විශාල තර්ජනයක් වී ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අප්‍රේල් මාසයේ අස්වැන්න නෙළීමට නියමිතව තිබීම හේතුවෙන් ඊට පෙර මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් දැවැන්ත ගැටලුවක් ඇතිවන බවද ඔවුන් පවසනවා. අසල්වැසි කෙන්යාවේ ද දරුණු ලෙස පළඟැටි වසංගතය පැතිර ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post