වූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විත වෙනවා.
මෙම රෝහලේ ඉදිකිරීම් ඉරිදා දිනයේදී අවසන් කිරීමට නියමිතව තිබුණ අතර එදිනට ඉදිකිරීම් අවසන් කරමින් අද (සඳුදා 03) එම රෝහලේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරනවා.
හුඕෂෙන්ෂාන්හි ඉදිකළ මෙම රෝහලේ රොගීන් 1000කට නේවාසික පහසුකම් ලබාදීමට හැකිය. මෙම රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ 1400ක් වන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙනවා.
2003 දී SARS වෛරස් රෝගයට ප්‍රතිකාල ලබාදීම සඳහා බීජිං නුවර ඉදිකළ රෝහල් ආකෘතිය අනුව මෙම රෝහලද නිර්මාණය කළේය. මෙහි ඉදිකිරීම් පසුගිය 23දා ආරම්භ කළා.