කේරල ගංජා කිලෝ ග‍්‍රෑම් 157 ක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.
කන්කසන්තුරය මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ මොහොයුමකදි ගංජා තොගය සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. වසරේ ගතවූ කාලය තුල නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් වලදී කේරල ගංජා ටොන් එකකට ආසන්න ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා
මුහුදු මාර්ග මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය, ජාවාරම් කරුවන් විසින් රට අභ්‍යන්තරයට බෙදා හැරීම සඳහා ඉතා සූක්ෂම ක‍්‍රම භාවිතා කරනු ලබන අතර, එවැනි උත්සහයක් ව්‍යර්ත කරමින් මෙම කේරළ ගංජා ප‍්‍රමාණය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව කන්කසන්තුරය මුහුදු ප‍්‍රදේශයේදී ඇසුරුම් පහක 05* බහා මුහුද අභ්‍යන්තරයේ සඟවා බෝයාවක් මගින් එම ස්ථානය සළකුණු කර තිබූ, කේරළ ගංජා කිලෝ 43 ග‍්‍රෑම් 400 ක ප‍්‍රමාණයක් 2020 පෙබරවාරි 04 වන දින දහවල් කාලයේදී සිදු කළ මෙහෙයුමක් මගින් සොයා ගන්නා ලදි. එසේම එම ස්ථානයේ සිදුකළ වැඩිදුර මෙහෙයුම් මගින් එලෙසම තවත් ඇසුරුම් තුනක 03 සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 113 ග‍්‍රෑම් 700 ක ප‍්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.
2020 පෙබරවාරි 04 වන දිනයේදී පමණක් සිදු කළ සාර්ථක මෙහෙයුම් මගින් මෙම කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 157 ක ප‍්‍රමාණය සිය බාරයට ගැනීමට ශ‍්‍රී ලංකා නාවික හමුදාවට හැකි වී ඇත. තවද ගෙවී ගිය දින 35 ක කාල සීමාව තුළදී සිදු කරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට කිලෝග‍්‍රෑම් 988 ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇති අතර, ඉන් කිලෝ 700 කට අධික ප‍්‍රමාණයක් උතුරු මුහුදේ සිදු කරන ලද මෙහෙයුම් තුලින් පමණක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. ඒ අනුව මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය රට තුලට පැමිණීම සාර්ථකව මැඩ පැවැත්වීමට නාවික හමුදාවට හැකිවී තිබෙනවා.