News Line| Off Air
Generic placeholder image

Feb
5

රට පුරා වෛරස් රෝගයක් පැතිරීමේ අවධානමක්

582 Views


රට පුරා වෛරස් රෝගයක් පැතිරීමේ අවධානමක්

දිවයින පුරා ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පබා පළිහවඩන මහත්මිය ප‍්‍රකාශ කළේ වෛරසය ආසාදනවූ චීන ජාතික කාන්තාව ඉදිරි දින කිහිපය තුළ රෝහලෙන් පිටත් කිරීමට හැකිවනු ඇති බවයි.

දියතලාව යුධ හමුදා කදවුරේ රදවා සිටින චීනයේ වුහාන් නුවර සිටි පැමිණි ශ‍්‍රී ලාංකිකයින් පිරිස යහපත් තත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
දිනකට දෙවරක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. චීනයේ වුහාන් නගරයේ සිටි පැමිණි ශ‍්‍රී ලංකිකයින් 33 දෙනා දිවයිනට පැමිණියේ පසුගිය පලමුවනදායි.

එම පිරිසට කාන්තාවන් 16 ක් පිරිමි පුද්ගලයින් 13 ක් කුඩා දරුවන් 04 දෙනෙකු ඇතුළත් ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් යුධ හමුදාව විසින් සම්පාදනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post