News Line| Off Air
Generic placeholder image

Feb
5

පැය 24 කදී කොරෝනා වෛරසය ආසාදිතයින් 4 000 ඉක්මවයි

1225 Views


පැය 24 කදී කොරෝනා වෛරසය ආසාදිතයින් 4 000 ඉක්මවයි

සිංගප්පූරුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිව් දෙනෙකු වාර්තාවී තිබෙනවා.
වෛරසය සිංගප්පූරුව තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා වෛරසය ආසදනයවී ඇති එම පුද්ගලයින් චීනයේ කිසිඳු දිනක සංචාරය කර නැහැ.
ජපානයට පැමිණි මගීන් 3 500 ක් රැුගත් නෞකාවක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණයවී තිබෙනවා.
මීට පෙර තහවුරවී තිබුණේ නෞකාවේ රැුඳී සිටි එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනයවී ඇති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 490 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනයවූ පුද්ගලයින් සංඛ්‍යාව 23 000 ක්. ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා වෛරසය පුද්ගලයින් 4 062 දෙදෙනකුට ආසාදනයවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊයේ පමණක් හුබෙයි ප‍්‍රදේශයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ 65 ක් වාර්තාවී තිබෙනවා. මිය ගිය පුද්ගලයින්ගෙන් සියයට 80 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය බවයි චීන සෞඛ්‍ය බලධාරීන් සදහන් කලේ.
රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා වුහාන් හී ඉදි කල දෙවන රෝහලේ ඉදි කිරීම් අද අවසන් කිරීමට නියමිත අතර ඇදන් 1 600 කින් සමන්විත රෝහල ලෙෂෙන්ෂාන් ලෙස නම් කර තිබෙනවා. එහි සේවාවන් අද සිට ආරම්භ කිරීමට නියමිතයි.

දින 08 ක් තුළ චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ ඉදි කල රෝහලට රෝගීන් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා. ඇදන් දහසකින් යුත් රෝහල නවීන පහසුකම් වලින් සමන්විතයි
වෛයිරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා සියළුම මට්ටම්වල රජයේ සේවකයන් හා පක්ෂ කමිටු සාමාජිකයන් ඒකාබද්ධ නිවේදන තරයේ පිළිපැදිය යුතු බවයි චීන ජනාධිපති ෂී ජී පින් සදහන් කලේ.
එම විධානයන් පිළිනොපදින හා වගකීම් පැහැර හරින සියලූ දෙනාම දඬුවම් වලට යටත් බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා. චීනයේ සංචාරය කල විදේශිකයින්ට තායිවානයට ඇතුළු වීම ඊයේ සිට තහනම්. එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කලේ පසුගිය දින 14 තුළ චීනයේ සංචාරය කල විදේශිකයින්ගේ පැමිණිම ප‍්‍රතික්ශේප කරන බවයි.
මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව තායිවාන රජය ප‍්‍රකාශ කලා.කොරෝනා වෛරසය රටවල් 27 කට ව්‍යාප්තවී තිබෙනවා
චීනයෙන් පිටත වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන්නේ ජපානයෙන්. එරටින් මේවන විට රෝගීන් 20 දෙනෙකු වාර්තාවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post