මාතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු අටේ සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළා.
ඒ අනුව මාතලේ මහ නගර සභා සීමාව, ඒ 9 මාර්ගයේ මාතලේ සිට පිල්ලිවෙල ප්‍රදේශය දක්වා, පලාපත්වල ප්‍රාදේශීය සභා සීමාව, ඔය පහළ ප්‍රදේශය, කන්දෙගෙදර ඉහළ කොටස ඇතුළුව මාතලේ ජල සම්පාදන ක්‍රමයෙන් ආවරණය වන සියලූම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.